අධික උණුසුමේ අදුරු පැතිකඩ

පෙබරවාරි මස ආරම්භයේ සිට ඊයේ දිනය දක්වා වු දින 50ක් වැනි කෙටි කාලයක් ඇතුලත අධික උෂ්ණත්වය නිසා මහා වැව් 80 ත් මධ්‍යම වැව් 700 කුඩා වැව් 30,000ත් ජල මට්ටම ඉතා ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතිනින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් පැවසීය.

එසේම නියං තත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින් බවත් මෙම නිසාවෙන් කෘෂිකාර්මික කටයුතු සදහා මෙන්ම බලශක්ති උත්පාදනය සහ දෛනික ජල පරිභෝජන අවශ්‍යතා සදහා ඉදිරි දිනවලදී ජලය ලබා දීමේ ගැටලුවක්ද උදා විය හැකි බව අවධාරණය කරන ලදී. එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අධික උණුසුම් තත්ත්වය පිළිබදව ජනතාවට අවධානම් නිවේදන නිකුත් කිරීම තමන් නිරීක්ෂණය කළ බවත් පැවසීය.

ඉදිරියේදී අපට මෙවැනි ව්‍යපර්‍යාස බොහොමයකට මුහුණ දීමට සිදුවිය හැකි බව ද එසේම රටේ ජනතාවගේද වගකීමක් වන්නේ මෙවැනි වියළි තත්ත්වයන් තුල දී ජල කළමනාකරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම බව පෙන්වා දෙන ලදී. නමුත් මෙම මාසයේ අවසන් දින 20 තුළ පමණක් කැලෑ ගිනි තැබීම් 57ක් වාර්තා වුන අතර එවා පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාව යෙදවීමට සිදු වු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම කාලසීමාව තුළ මානව ක්‍රියාකාරකම් සදහා වනාන්තර ගිනි තැබීම නොකළ යුතු බවත් එවැනි කටයුතු වලදී කිරීමේ දී සිදු විය හැකි පාරිසරික හානිය පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් තවදුරටත් අවධාරණය කරන ලදී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *