අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන්ට විශේෂ නිවේදනයක්

අධිවේගී මාර්ග භාවිතයේදී වාහනවල යෝග්‍යතාව පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර සඳහන් කළේ පසුගිය දිනවලදී පමණක් අධිවේගී මාර්ග ආශ්‍රිතව අනතුරු 53ක් වාර්තා වූ බවයි.

අලුත් අවුරුදු සමයත් සමග මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ඉහළ ගොස් ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ට දැනුම් දෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *