අනතුරකින් බිරිඳ හා සැමියා මියයයි

බදුල්ල – මහියංගණ මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස්‍ රථයක් හා ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්වුණා.

මොවුන් බදුල්ල මැදපතන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මියගිය සැමියා 79 හැවිරිදි වියේත් බිරිඳ 76 හැවිරිදි වියේ පසුවනවා.

මෙම අනතුරෙන් තවත් 3 දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර වන අවස්ථාවේදී බස්රථය දෙහිඅත්තකණ්ඩිය – සිරිපුර ප්‍රදේශයේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් පැවති අතර ත්‍රීරෝද රථය බදුල්ල හා රිදීපන අතර මගීන් ප්‍රවාහනය කරන පනහෙ කෑලි නම් වන ත්‍රීරෝද රථයක් බවටද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *