අන්තර්ජාල රැකියාවලට EPF, ETF දෙන නව නීතියක් ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක්

අන්තර්ජාලය ප්‍රචලිත වීමට සමගාමීව 2000න් පසු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු වි ඇති බවත් මේ තාක්ෂණය යොදා ගත් ඉමාර්ට් දුරකතන ජනප්‍රිය වී මේ තුළින් තාක්ෂණය මෙන්ම ආර්ථිකය ද ඩිජිටල්කරණයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස පවසනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඩිජිටල් තාක්ෂණය මත පදනම් වේදිකා හරහා රැකියා නිර්මාණය වී ඇති බවත් එය කොවිඩ් 19 වසංගත සමයේ රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට ද හේතු වූ බව විපක්ෂ නායකවරයා පවසන්නේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස විවිධ මාර්ගගත වේදිකා හා ගණුදෙනු මත පදනම්ව භාණ්ඩ වෙළෙඳාම මෙන්ම සේවා සැපයීම ප්‍රචලිත වි ඇති බව ඔහු පවසනවා.

ගිග් ආර්ථිකය නමින් හඳුන්වන මේ ක්ෂේත්‍රයේ විශාල ශ්‍රම බලකායක් සිටින බවත් පාරිභෝගික පහසුව හා මිල තරගකාරීත්වය මෙන්ම සේවා ගුණාත්මකභාවය මත පදනම්ව ක්‍රියාත්මක මෙම සේවාවලට පූර්ණ කාලීන, අර්ධ කාලීන මෙන්ම ස්වාධින කොන්ත්‍රාත්කරුවන් ලෙස සේවකයන් බඳවා ගන්නා බවයි පෙන්වා දෙන්නේ.

මේ නිසා ප්‍රධාන රැකියාවට අමතරව මාර්ගගත ක්‍රමය මත පදනම්ව කුලී රථ සේවා, අධ්‍යාපන සේවා සැපයීම මඟින් අමතර ආදායම් උත්පාදනය කර ගැනීමට හැකි වූ බවයි විපක්ෂ නායකවරයා පැවසන්නේ.

කොවිඩ් 19 වසංගතය නිසා රැකියා අහිමි වූ 18-30ත් අතර තරුණ තරුණියන් තම සුපුරුදු රැකියාවට නොයා මේ සදහා යොමු වී ඇති බව විපක්ෂ නායකවරයා පවසනවා.

මෙය හොඳ ප්‍රවණතාවක් වුවත් සේවක ආරක්ෂාව හා අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් මෙය මගහරවා ගැනීමට දියුණු රටවල් කම්කරු නීති පවා වෙනස් කර ඇති බවයි ඔහු පවසන්නේ.

එබැවින් ශ්‍රී ලංකාව තුළ මෙම කම්කරු නීති වෙනස් කිරිමට ප්‍රමාද වීම නිසා වැඩි ලාභ උපයා ගැනීමට අර්ධ කාලීන හෝ ස්වාධීන කේන්ත්‍රාත් පදනම මත සේවකයන් බදවා ගන්නා බැවින් මෙහි දී සේවයකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවක් පෙනෙන බවයි සජිත් ප්‍රේමදාස පවසන්නේ.

ඒ අනූව මෙය දීර්ඝකාලීනව රටට බලපාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මෙවැනි අවිධිමත් ක්ෂේත්‍රවල සේවය කරන අයට ජීවිතයේ සැදෑ සමයේ කිසිදු මූල්‍ය ශක්තියක් නොමැතිව අසරණ වන බවත් කුලී රථ රියදුරන් මෙහි බලපෑමට ලක්ව ඇති බවත් මොවුන්ට කම්කරු නීතිය යටතේ ආරක්ෂාව නොලැබීමෙන් විශ්‍රාම වැටුපක් හෝ විශේෂ රක්ෂණ ආවරණයක් නොමැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

මේ අයුරින් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය සියලුම ඌබර් රියදුරන්ට විශ්‍රාම වැටුපක් ලබා දිය යුතු බවට නියෝග කර ඇති බවත් මෙය ආදර්ශයට ගෙන සිංගප්පූරුවත් මෙම ශ්‍රම බලකාය විශ්‍රාම වැටුප් හිමිවිය යුතු බවට කම්කරු නීතිය වෙනස් කර ඇති බව පැවසුවා.

එබැවින් ලංකාවේ මෙවැනි ආයතන රැසක් ඇති බැවින් එම ආයතනවලට සේවා සපයන සියලු දෙනාට සේවක අයිතිවාසිකම් හිමි දායක විශ්‍රාම වැටුපක් ලැබිය යුතු බවත් මාර්ගගත වේදිකාවල රැකියා කරන සේවකයන්ගේ ද විශ්‍රාම වැටුප් ලැබෙන ලෙස සේවක අර්ථසාධක හා බාරකාර අරමුදලට දායකත්වයක් ලැබීම අනිවාර්ය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

මේ සඳහා විශේෂ නියාමන අධිකාරියක් පිහිටුවන ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *