අනියම් බිරිඳගේ ලිංගික දර්ශනවලට මුදල් ඉල්ලූ පොලිස් බිරිඳ දැලේ

ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ අඹු සැමි යුවලක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අගතියට පත් කාන්තාව විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැමියා ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු වන අතර ඔහුගේ බිරිඳ ද විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරියක වන බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් කාන්තාවක සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අත‍ර අවස්ථා කිහිපයකදීම එම කාන්තාව සමඟම ලිංගිකව හැසිරී තිබෙනවා.

එසේ ලිංගිකව හැසිරෙන දර්ශන නිලධාරියා විසින් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් අදාළ වීඩියෝ දර්ශන පොලිස් කොස්තාපල්වරයාගේ නීත්‍යානූකූල බිරිඳ වන විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය දැක ඇති අතර ඇය විසින් අනියම් බිරිඳ කතා කර ඒ සම්බන්ධව කතාකිරීමට අවශ්‍ය බව පවසා ඇයව හමුවීමට ගොස් තිබෙනවා.

ඇය හමුවීමෙන් පසු විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය ඒ වීඩියෝ ඇයට පෙන්නා එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවත්, එසේ නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ 50ක මුදලක් දෙන ලෙසත් පවසා තර්ජනය කළ බවයි පැමිණිලිකාර පාර්ශ්වය විසින් පොලිසිය පවසා ඇත්තේ.

ඒ අනුව 49 හැවිරිදි එම නිලධාරියා සහ ඔහුගේ බිරිය වන 47 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *