අනුරගෙන් රනිල්ට අනතුරු ඇඟවීමක්

මහ බැංකු කොල්ලය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය ආණ්ඩුවක් යටතේ මෙරටට ගෙනැවිත් ඔහුගෙන් ලබාගන්නා කටඋත්තර මත රනිල් වික්‍රමසිංහව ද අත්අඩංගුවට ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කිරිබත්ගොඩ නගරයේ අද (18) පැවැති ජන රැළිය අමතමින්.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගි වූ ජන රැළියක් අද පස්වරුවේ කිරිබත්ගොඩ නගරයේදී පැවැත්වුණා.

මේ අතර අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පස්වරුවේ අගරදගුරු නිල නිවස වෙත පැමිණ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *