අනුරගේ පෝස්ටර් අලවපු පුද්ගලයන්ට දඩ

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1500/- බැගින් දඩ නියම කළා.

කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට පමුණුවනු ලැබුවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් දෙදෙනා ජනාධිපතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් තම පොලිස් වසම තුළ අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

අදාල චෝදනාවලට සැකකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට මහේස්ත්‍රාත්වරයා විසින් දඩ නියම කරනු ලැබුවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *