අනුරපුර පොහොට්ටුවේ වගකීම නාමල් රාජපක්ෂට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත පවරා තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, ජනාධිපතිවරයාට සහය පළ කිරීම හේතුවෙන්. එම දිස්ත්‍රික්කය සඳහා නව නායකයෙකු පත් කරන තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත පැවරූ බවයි එම පක්ෂයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර තංගල්ල – කාල්ටන් නිවසේ අද පැවති සකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ විපක්ෂ නායකවරයා සමඟ තමන්ට ගණුදෙනුවක් නොමැති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *