අනුරව ජනාධිපති වගේ පේන්නේ නැති තිස්ස අත්තනායකට තරුණ ඡන්දදායක පෙරමුණෙන් පිළිතුරු…

  • හැමදාම ඡන්ද පරදින සජිත් තවමත් රනිල් වගේ පක්ෂය බදාගෙන අල්ලගෙන ඉන්නවා..
  • විපක්ෂ නායකකමට සුදුසු රන්ජන් පමණයි..
    වර්තමාන දේශපාලනයේ වෙනස කළේ රන්ජන් රාමනායක…
    තරුණ ඡන්ද දායකයින්ගේ පෙරමුණේ මහ ලේකම් ආචාර්ය සමන් වන්නාරච්චිගේ මහතා පවසනවා…

ජනාධිපති අනුරව ජනාධිපති කෙනෙක් විදියට නොපෙනෙන බවට තිස්ස අත්තනායක මහතා විසින් කළප්‍රකාශය සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ..

තිස්සට අනුර ජනාධිපති වගේ පේන්නේ නැත්තේ එතුමා සාමාන්‍ය කෙනෙක් නිසා..

රටට අවශ්‍ය කරන නායකයෙක් බිහිවී ඇති අතර… තිස්සට පේන්නේ මහින්දලා, රනිල්ලා,ජනාධිපති වෙන හැටි පමණක් බව මෙහිදී කියා සිටියා..

හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම වහාම නැවතිය යුතුයි මෙම වියදම් අනවශ්‍ය වියදම්..

ඒ ජනාධිපතිවරු ස්වයංව වරප්‍රසාද අවසන් කරගත යුතුයි..
දේශපාලනයේ රැකියාවක් නොවේ සේවයක් බව සියලු දෙනා වටහා ගත යුතුයි..
වරදාන වරප්‍රසාද අවශ්‍ය නැහැ..

වර්තමාන ජනාධිපතිවරයා පැහැදිලි ගමනක් යනවා..
ඔහුගේ ගමනට සහාය විය යුතුයි..ජනාධිපති කෙනෙක් මගේ තිස්සට පේන්නේ නැත්තේ එතුමා සාමාන්‍ය විදිහට ඉන්න කෙනෙක් නිසා..

සජිත්ට ආයි දේශපාලන ගමනක් නෑ..ජනාධිපති වරණ දෙකක් පරාදයි පරාදයි පරාදයි පරාදයි මහ මැතිවරණ පරාදයි..

පරාද වෙච්ච සජිත් දැන් වහාම පක්ෂය බදා ගන්නේ නැතුව අයින් වෙන්න ඕනේ..

සජිත් රනිල් වගේමයි පක්ෂයේ බදාගෙන ඉන්නවා දාලා යන්නේ නෑ..දැන්වත් පක්ෂය සුදුසු කෙනෙකුට බාර දීලා යන්න ඕනේ..

වර්තමාන දේශපාලනයේ වෙනස ඇති කළේ රන්ජන් රාමනායක..

රන්ජන් රාමනායක තමයි මේ දේශපාලන ගමන් මග වෙනස් කරන්න පළමු වෙඩි මුරය තිබ්බේ..
එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ එතුමා දේශපාලනයෙන් ඉදිරියට එනවා වළක්වන්න..

රන්ජන් රාමනායක අනිවාර්යෙන් විපක්ෂ නායක ධුරයට පත්විය යුතුයි…

රට හදන්න හොඳ නායකත්වය ඇත්තේ විපක්ෂය තුළ රන්ජන්ට පමණයි…

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *