අනුරාධපුරයේ පාසලක සිසුන් කුඹුරක් අස්වද්දා වියදම් සොයා ගනී

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹා ප්‍රාදේශීය ලේකම් කාර්යාලට අයත් පණ්ඩුකාපුරය ගම්මානයේ පාසල් සිසුන් කුඹුරක් අස්වද්දවා ඉන් ලැබු අදායම සිය පාසලේ උන්නතිය සඳහා භාවිතා කිරීමට සුදානම් වෙනවා.

පණ්ඩුකාපුර විද්‍යාලයට අයත් අක්කර තුනකට ආසන ප්‍රමාණයකින් යුත් කුඹුරක් ලබා දී එයින් ලැබෙන ආදායම පාසල් පොත් හා සිසුන්ට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට යොදාඅ ගැනීමයි තීරණය කර ඇත්තේ.

එම පාසලේ සිසුන්, පාසල් සංවර්ධන සමිතිය, දෙමාපියන් හා ගුරුවරුන් එක්ව මෙම කුඹුර අස්වැද්දීම ඊයේ (07) ආරම්භ කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 793

Leave A Reply

Your email address will not be published. Required fields are marked *