අනුර කුමාර රනිල් ගිය පාරේ යනවාසජිත් හෙළුවෙන් යනවා එයාට පේන්නේ නෑ

සිරිතුංග ජයසූරීය
එක්සත් සමාජවාදී පක්ෂයේ ලේකම්

ජනපති අනුර කුමාර සිල්ලර වැඩ කරනවා.. මල් මාල සංදර්ශන නෑ තමයි හැබැයි ඒක හරි සිල්ලරයි..
කෝ දැන් අහෝසි කරනවා කිව්ව විදායක ජනාධිපති දූරය..
රාජාසන කතාවේ කොලයක් වත් බලන් නැතුව වාචාල කතාවක් කලේ..

එකම එක දෙයයි කිව්වේ. මූල්‍ය අරමුදලත් එක්ක ඒ විදියටම යනවා කිව්වා. බලයට ආව ගමන් මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරනවා කිව්ව අනුර කලිසම් රෙදි ගලවගත්තා..

රනිල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක කොන්ද කෙලින් තියාගෙන ගියේ. හැබැයි දැන් අනුර යන්නේ කොන්ද නවාගෙන දණගාගෙන බඩගාගෙන.. තනිකරම මේ ආන්ඩුව imf රූකඩයක්.
රනිල් කරාටත් වැඩිය ලොකු විනාශයක් අනුර මේ රටට කරනවා.

රටේ ජනතාව මෙහෙම රවට්ටන්න එපා. මිනිස්සුත් දැන් මුන්ට රැවටුනා ඇති.

මොන බලය ගත්තත් ජනතා බලය ඊට වඩා වැඩියි. ඉදිරි කාලයේදී ජනතාවගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන්..

කොකාගේ සුද පේන්නේ ඉගිල්ලෙනකොටයි. නෙල්සන් මැන්ඩෙලා කිව්වෙත් බලය දුන්නට පස්සේ තමයි ඇත්ත තත්වය තේරේන්නේ කියලා.. දැන් ජනතාවට ඒක තේරෙමින් යනවා..

ඒවගේම දෙමල ජනතාව අනුරලාට ජන්දේ දුන්නා කියලා මාද්‍යයෙන් වැරදි රූපයක් හදනවා. එහෙම දෙයක් වෙලා නෑ. දෙමල ජනතාව 29%ක් තමයි අනුරට ජන්දේ දීලා තියෙන්නේ.
ඒක නිසා වැරදි මත නිර්මාණය කරන්න එපා..

මේ රටේ ජනතාවට අපි කියන්නේ මේ ආන්ඩුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
ප්‍රභාකරන් කිව්වා වගේ ඊයේ රෑට කාපු දේ අද උදේට මතක නෑ අපිට.

අපි ඔක්කොම එකතු වෙලා මේ යන ගමන වෙනස් කරලා මේ මාලිමාවේ උන්ගේ බොටුව හිරකරලා අපේ වුවමනාවන් සම්පූර්ණ කරගමු.

අපි ජනතා අරගලයට නායකත්වය දෙනවා.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *