අපි හිටියනම් මේ ප්‍රතිඵලය වෙනස් වෙනවාදෙසිය 225ම එපා කිව්ව සටන් පාඨය අවසන්

Jvp එකේ හිටියනං මේ අයත් මන්ත්‍රීවරු

මහ මැතිවරණ ප්‍රතිඵල සහ ජන අරගල සන්ධානයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද ( 2024 – 11 – 16 ) දින කොළඹ ලයන්ස් ක්ල්බ් හිදී පවත්වන ලදී.

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව.

” පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි යම් ගුණාත්මක වර්ධනයක් ජනතාව තුළ ඇතිවෙලා තියනවා. මහමැතිවරණ ප්‍රතිඵලයේ වෙනස් වීමට බලපෑවේ ඒ තත්වය. අරගලය විසින් රටේ ජනතාව තුළ ඇති කරපු දේශපාලන පරිවර්තනයේම දිගුවක් තමයි මේ ලියවෙමින් යන්නේ. විශේෂයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරපු දියවන්නාව සුද්ධ කරමු කියන තේමාවට විශාල ජනප්‍රියත්වයක් ලැබෙන්න හේතුව උනේම අරගලයෙන් ගෙනාව ” 225ම එපා ! ” සටන් පාඨය.

ආණ්ඩුව යම් විදිහකින් දේශපාලන ආර්ථික පරිවර්තනයක් ඇති කරයි කියන බලාපොරොත්තුව එක්ක තමයි ජනතාව තමන්ගේ ඡන්දය භාවිතා කලේ. උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රමාණයේ පවා යම් ගුණාත්මක වර්ධනයක් දකින්න ලැබෙන්නේ ඒ තත්වය එක්ක. හැබැයි ප්‍රශ්නෙ තමයි උතුරේ ප්‍රශ්නය හෝ ලංකාවේ ජාතික ගැටලුව සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ආණ්ඩුව ඉදිරිපත් නොකිරීම. ඒක නිසා අපි හිතනවා දෙමළ මුස්ලිම් සහ කඳුකර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ අභියෝගයක් ආණ්ඩුව ඉස්සරහා තියනවා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ඇතුලෙ හැමවෙලාවෙම කතාකලේ අතීත දේශපාලන ක්‍රීයාකාරීත්වයට අදාළ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කිරීම. පාර්ලිමේන්තුව සුද්ධ කිරීම සොරකම වංචාව දූෂණය නතර කිරීම තමයි ඔවුන්ගේ සටන්පාඨ වුනේ. නමුත් ජන අරගල සන්ධානය විදිහට අපි ස්ථානගත කලේම අනාගතය ඉලක්ක කල ප්‍රතිපත්තියක්. IMF කොන්දේසි එක්ක ජනතාවගේ අයිතිවාසිකම් දිනෙන් දීනම අහිමි වෙමින් යනවා. ඉන්දියානු මැදිහත්වීම් එක්ක රටේ බලශක්ති ස්වාධීනත්වය අහිමි වෙමින් යනවා. ඒ නිසා තමයි අපි හැමවෙලාවෙම IMF වැඩපිළිවෙළට එරෙහි ඉන්දියානු මැදිහත්වීමට එරෙහි විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් යෝජනා කලේ.

තුනෙන් දෙකක බහුතර බලයක් එක්ක ජනතාව ආණ්ඩුවට පණිවිඩයක් දීලා තියනවා දැන් කරන්න කියලා. හැබැයි ඒ සීමිත ක්ෂේත්‍රයකට විතරක් නෙමෙයි. මොකද ඔවුන් හොරකම වංචාව දූෂණය ගැන විතරක් කිව්වට ජනතාව තුළ ඊට වඩා වැඩි බලාපොරොත්තු ප්‍රමාණයක් ජනතාව සතුව තියනවා. ජනතාව පීඩාවට පත් කරන ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට විකල්ප ආර්ථික වැඩපිළිවෙළක් ජනතාවට අවශ්‍යයි.

අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ගියේ 2028 දී පුපුරන ණය කාලබෝම්බයක් අටවලා. මේ ආණ්ඩුවට අපි දිගින් දිගටම අනතුරු හඟවනවා මේ ණය උගුලේ හිරවෙන්න එපා. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ වේදිකාවේදි කිව්වෙ විකල්ප ණය තිරසරකරණ සැලැස්මක් ( DSA ) ගේනවා කියලා. රනිල් ඉදිරිපත් කරපු ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්ම ප්‍රතික්ෂේප කරලා තමන්ගේම සැලැස්මක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට හැකියාවක් තියනවා. ජනතාව අනුමැතිය දුන්නේ ඒ සඳහා.

දැන් මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක්. අපි දන්නවා මීට පෙර එවැනි බලයක් සහිතව පැවති ආණ්ඩුවලට ජනතාව ඒ බලය දුන්නේ පාලකයෝ ඉල්ලපු නිසා. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුවට එවැනි බලයක් ලැබුනේ ඉල්ලලා නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුවට විශාල දේශපාලන ඉඩක් තියනවා නව ව්‍යවස්ථාවක් සඳහා යන්න. JR ජයවර්ධන ආණ්ඩුව ගෙනාව විධායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්ථාව නිසා රටට විශාල හානියක් වුනා. දැන් අවස්ථාව ලැබිලා තියනවා ඒ වරද නිවැරදි කරන්න. අපි ජන අරගල සන්ධානය විදිහට ඉදිරියේදීත් ජනතාවගේ ඒ අභිලාෂයන් ඉටු කරගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කරන්න සූදානම් “

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *