අපේක්ෂා රෝහලට එන ළමා රෝගීන්ගේ අපෙක්ෂා බංග වෙලා

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලයක සිට යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වීම නිසා රෝගීන් 500 දෙනකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

පෙබරවාරි මාසයේ සිට එම දෝෂයක් ඇති වී තිබෙන අතර මෙම විකිරණ යන්ත්‍රය විශේෂයෙන් භාවිත කරනු ලබන්නේ ළමා පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා ප්‍රතිකාරය ලබා දීමට බැවින් පොරොත්තු ලේඛනයේ ළමා පිළිකා රෝගීන්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.

ඒ හේතුවෙන් ළමා පිළිකා රෝගීන් මහත් අපහසුතාවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

තත්ත්වය කෙතරම් බරපතළ වුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රශ්නය විසඳීමට කිසිඳු පියවරක් නොගෙන නොදැක්කාසේ සිටීමෙන් ප්‍රශ්නය තවත් උත්සන්න වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.

විකිරණ චිකිත්සා ප්‍රතිකාරය සඳහා පෞද්ගලික රෝහල් රුපියල් ලක්ෂ 7 සිට රුපියල් ලක්ෂ 17 දක්වා අධික ගාස්තුවක් අය කරන බවත් ඉන් ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන්ගේ පවුල් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *