අපේ රජයක් යටතේ හොරකම් කරන්නත් බෑ එහෙම අයට විසුමකුත් නෑ – විපක්ෂනායක

අපේ රජයක් යටතේ හොරකම් කරන්න ඉඩක් නැති වගේම එහෙම අයට විසමුකුත් නැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (03) ගම්පහ පැවැති රණවිරු සමුළුව අමතමින්.

එහිදී ඔහු රණවිරුවන් අමතමින් කියා සිටියේ රට හොරකමින්, ප්‍රෝඩාවෙන්, මුසාවෙන්, මුල්‍ය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමේ වැඩසටහනේ පෙරමඟකරුවන් බවට පත් වන ලෙසය.

එමෙන්ම ජනාධිපතිවරණයෙන් පස්සේ හොරු අල්ලන්න, හොරු එලවන්න, හොරකාපු ඒවා රටට ලබා දෙන දැවැන්ත මානුෂිය මෙහෙයුමේ කොටස්කරුවන් බවට මෙහෙයුම ශක්තිමත් කරන්න සියළු දෙනා එක්වන්නැයි විපක්ෂනායකවරයා කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *