අපේ රට අධ්‍යාපනයේ පාරාදීසයක් කරන්න ඕන බව සජිත් කියයි

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ පරාදීසයක් බවට පත්කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරනවා.

245 වැනි සක්වළ වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ එවැනි ව්‍යාපෘතිවලට ඇතැම් පිරිස් විරුද්ධ වන්නේ දුප්පත්කම විකුණා ඔවුන්ගේ බංකොලොත් දේශපාලනයේ නිරතවීමට බවයි.

සක්වළ වැඩසටහනේ 245 වැනි අදියර යටතේ මොරටුව රාවතාවත්ත රෝමානු කතෝලික විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙහිදී පාසැලේ ව්‍යාපෘති කිහිපයක් සඳහා පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමද සිදුවුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *