අම්මයි පුතයි දෙන්නම එකතු වෙලා ගංජා විකුණලා

චාවකච්චේරිය ප්‍රදේශයේ දී ගංජා කිලෝ ග්‍රෑම් 80කට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 55ක් වන කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම කාන්තාව සන්තකයේ තිබී ගංජා කිලෝ ග්‍රෑම් 87යි ග්‍රෑම් 616ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව සිය පුත්‍රයා සමඟ එක්ව ගංජා අලෙවිය සිදුකරන අතර ඒ සඳහා මෙම ගංජා තොගය නිවසේ සඟවාගෙන සිට තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ක්ෂණික මාර්ග බාධක යොදා මෝටරථයක් පරීක්ෂා කිරීමේදී ගංජා ග්‍රෑම් 500 ක් සමඟ පෙර දින අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *