අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ නම මැතිවරණ කොමිසමට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස පත් කරගත් අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ නම මැතිවරණ කොමිසමට භාරදීමට නියමිතයි.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව තනතුරු සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවයි.

නිදහස් පක්ෂයේ මෛත්‍රි පාර්ශ්වයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ පිටකෝට්ටේ පිහිටි හෝටලයකදි විධායක සභාව රැස්වූ අතර එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඉන් අනතුරුව පක්ෂයේ නව සභාපතිවරයා ලෙස විධායක සභාවේ ඒකමතික තීරණයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කර ගත්තේ ඔහුට පක්ෂයේ වැඩබලන සභාපති ධුරයේ කටයුතු කිරීම කොළඹ දිසා අධිකරණය විසින් වාරණයට ලක් කර ඇති පසුබිමකයි.

පක්ෂයේ වැඩබලන මහලේකම් ලෙස කටයුතු කළ දුෂ්මන්ත මිත්‍රපාලද වාරණයකට ලක්වී ඇති හෙයින් නව වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත පත් කරගැනුණා.

කෙසේ වෙතත්, නිදහස් පක්ෂයේ මෛත්‍රි පාර්ශ්වයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ පැවත්වු විධායක සභා රැස්වීම නීත්‍යානුකුල නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශවය ඊයේ (12) ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *