අමෙරිකාවෙන් තායිවානයට ආරක්ෂක ආධාරයක්

අමෙරිකාවෙන් තායිවානයට ඩොලර් මිලියන 567ක ආරක්ෂක ආධාරයක්

තායිවානයට ඩොලර් මිලියන 567ක ආරක්ෂක ආධාරයක් ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබෙනවා.

ධවල මන්දිරය සදහන් කළේ පසුගිය වසර කිහිපය පුරා චීනය විසින් තායිවානයට එල්ල කරන යුදමය හා දේශපාලන පීඩනය හමුවේ එරට මිලිටරිය නංවාලීම සඳහා අමෙරිකාව මෙම පියවර ගත් බවයි.

විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුවද ඇමරිකාව තායිවානයේ වැදගත්ම ජාත්‍යන්තර ආධාරකරු සහ ආයුධ සැපයුම්කරු වන බව විදෙස් වාර්තා සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *