”අමෙරිකාව, ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි” චීන ජනාධිපති

චීනය සහ ඇමරිකාව, ‍ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතු‍ බවට චීන ජනාධිපති ෂී ජින්පින් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සමග බීජිං නුවරදී පැවති හමුවකදියි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ දිනවල චීනයේ සංචාරයක නිරතවනවා.

එමෙන්ම එකිනෙකාට අන්‍යෝන්‍ය ගෞරවය දැක්වීම, සාමකාමී සහජීවනය සහ දෙපාර්ශ්වයටම වාසිදායක සහයෝගීතාවය පවත්වාගෙන යෑම දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට වැදගත් ප්‍රධාන ප්‍රතිපත්ති විය යුතු බවට චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *