අඹුසැමි යුවලක් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලේඛන සැකසූ දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ අඹුසැමි යුවලක් ලෙසට පෙනී සිටි දෙදෙනෙකු බදුල්ලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල පොලිසිය සඳහන් කළේ 43 හැවිරිදි අදාළ සැකකරු සහ 23 හැවිරිදි සැකකාරිය බදුල්ල,දළඇළ පාර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.

ඔවුන් ආගරපතන සහ පුහුල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන්.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරුවන් විසින් සකස් කරන ලද ව්‍යාජ ලේඛන කිහිපයක් සහ රුපියල් එක්ලක්ෂ 70,000 ක මුදලක්ද පොලිස් භාරයට ගැනුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *