අයහපත් කාලගුණය බිළිගත් මිනිස් ජීවිත ගණන් තවත් ඉහළට

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 06ක පුද්ගලයින් 21 දෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 02ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 02ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගල අතුරුදන්වීමක් අයහපත් කාලගුණයත් සමඟ වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර මාර්ග ජලයෙන් යටවීම සම්බන්ධයෙන් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *