අයහපත් කාලගුණය සමඟ්හ පාසල් කිහිපයක් හෙට වසා තැබෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 5ක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට (15) වසා තැබෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් පවසන්නේ.

එමෙන්ම කොළඹ කලාපයේ සියලුම පාසල් සඳහාද හෙට දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට දිස්ත්‍රික්ක 16 කට අයත් පවුල් 40,516 ක පුද්ගලයින් 158,391 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ඉන් පවුල් 2,470 කට අයත් 10,363 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 79 ක රදවා සිටින බවයි ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ආපදාවලින් මරණ 03 ක් වාර්තා වි තිබෙනවා.

වැඩිම බලපෑමක් එල්ලවී ඇති කොළඹ, ගම්පහ, කලු‍තර සහ පුත්තලම දිස්ත්‍රික්ක සදහා නිලධාරින් 100 කට වැඩි පිරිසක් යොදවා ඇති බව යුධ හමුදාව කියා සිටියා.

අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආපදා ස්ථාන සදහා පිටත් කර යැවීමට නිලධාරින් සූදානම් කර ඇති බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සදහන් කළේ.

මෙහිදි අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ගාමිණි ජයතිස්ස කියා සිටියේ පස්කදු කඩාවැටීම් සිදුවිය හැකි නිසා ඒවා ආසන්නයේ ජීවත්වන ජනතාව වඩා සුපරීක්ෂාකාරී වියයුතු බවයි.

මේ අතර, කොළඹ, ගාල්ල, ගම්පහ, කලුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම තවත් පැය 24 කින් දීර්ඝ කර තිබෙනවා.

පවතින වැසි තත්ත්වය හමුවේ කොළොන්නාව, වැල්ලම්පිටිය සහ කැලණිමුල්ල ප්‍රදේශවල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේත් මාර්ග රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා.

කොලොන්නාව ප්‍රදේශයේ ජලය බැස නොයෑමට හේතුව වී ඇත්තේ වැල්ලම්පිටිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලදී අවිධිමත් ලෙස පස් ගොඩ කිරීම බවයි පීඩාවට පත් ජනතාව පෙන්වා දෙන්නේ.

අත්තනගලු‍ ඔය පිටාර ගැලීම හේතුවෙන් කොළඹ – කූරුණෑගල ප්‍රධාන මාර්ගය ජා ඇළ කොටුගොඩ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තණ්ඩිය, තුන්මෝදර මාරවිල ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ජලයෙන් යටවයි පවතින්නේ.

මේ අතර, අත්තනගලු‍ඔය, කැළණි, කලු‍ සහ නිල්වලා ගංගාවල ජල මට්ටම පහළ යමින් පැවතියත් අවධානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු‍ පාසල් හෙට දිනයේදීත් වසා තැබීමට තීරණය කළ බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පී.ආර්. දේවබන්දු ප්‍රකාශ කළා.

මෙලෙස නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන ලේකම්, අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී ඇත්තේ.

මේ අතර, ඉදිරි දින තුන තුළ වැසි සහිත කාලගුණයේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු කියා සිටිය

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *