අයහපත් කාළගුණය 39දෙනෙක් බිලිගනී

ඇමරිකාවේ ප්‍රාන්ත 13කට බලපා ඇති ටෙනේඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

එමෙන්ම මේ වනවිට එම ප්‍රාන්තවල පදිංචි ලක්ෂ 6කට පමණ ජනතාවකට විදුලිබලය ඇණහිට තිබෙනවා.

තවත් මිලියන 120කට පමණ අනතුරු ඇගවීම් සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අද මෙම සුළි කුණාටු තත්ත්වය නිව්යෝක් නගරයට ඇතුළු වන බවට එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.

මේ අතර ඉන්දියාවට සහ දකුණු බංග්ලාදේශයට බලපෑ සුළි කුණාටු තත්ත්වයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *