අයිස් සමඟ තරුණයෙක් STF අත්අඩංගුවට

හිගුරුකඩුව පොලිස් වසමේ කොට්ටගස්ලන්ද මාර්ගයේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 630ක් සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

බුත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සදහා හිගුරුකඩුව පොලිස්ථානය වෙත භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *