අරගලයදා බස් ගිණිතැබීමක සැකකරු නිදහස්

පසුගිය 2022 වසරේ ජූලි මස 9 වනදා අරගලය පැවැති අවස්ථාවේ නිට්ටඹුව කොළම මගී බස් රථයක් ගිනි තැබූ බවට ඇප මත මුදා හැර ඇති සැකකරු එම සිද්ධියෙන් මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අද (02) නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදුකළේ, සැකකරුට එරෙහිව තාක්ෂණික සාක්ෂි හෝ ඇසින් දුටු සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොකිරිම හේතුවෙන්.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නිතිඥවරයා සැකකරු මුදා හරින ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ සැකකරු සම්බන්ධයෙන් පවතින සාක්ෂි මොනවාද යන්න මහේස්ත්‍රාත්වරයා මේ සිද්ධිය සම්බ්නධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසියෙන් විමසුවා.

එහිදී ඔවුන් නිතිපතිවරයාගේ මතය විමසා ඇති බව අධිකරණයට පැවසුවා.

කරුණු සැලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ගොනු කිරිම අවශ්‍ය නැති බව සඳහන් කළ අතර සාක්ෂි නැතිව සැකකරුවන් රඳවා ගැනීමට නොහැකි බවත් නඩුව පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් නොමැති බවත් කියමින් සැකකරු සිද්ධියෙන් මුදා හරින ලෙස නියෝග කරනු ලැබුවා.

අරගලය පැවති දින අරගලයට ජනතාව රැගෙන පැමිණි නිට්ටඹූව – කොළඹ බස් රථයක් කොළඹ, කොල්ලුපිටිය පෙරහැර රථ ගාලේ නවතා තිබියදී එම බස් රථය ගිනි තැබූ බවට කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාගර ගත කර පසුව ඇප මත මුදා හැර තිබූ අතර මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ කොල්ලුපිටියේ පදිංචි පී. මොහොමඩ් අස්ලම් නැමැති පුද්ගලයෙක්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *