අරගලයේදී ඝාතනයට ලක්වූ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නමින් සවිකර තිබු මාර්ග පුවරුව කඩාකප්පල්කාරී පිරිසක් විසින් ඊයේ (09) කඩාදමා ඇති බව පොලිසිය පවසනවා.
නමුත් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
2022 මැයි 09 වැනිදා අරගලයේදී මහ මග වදහිංසාවට ලක්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හා ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන ඝාතනය වී ඊයේ දිනට වසර 02 ක් ගත වුණා.
එම පුවරුව නැවත සකස් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.