අරගල භුමියේ ප්‍රසිද්ධියට පත්වු ජින් ඇන්ටි අධිකරණයේන් කළ ඉල්ලීම

ගෝල්ෆේස් අරගල භුමියේ ප්‍රසිද්ධියට පත්ව සිටි ‘ජින් ඇන්ටි’ නමැත්තියගේ රුපියල් එක් ලක්ෂ පනස් නවදහසක මුදලක් සහ ජංගම දුරකථනයක් සොරකම් කිරීම සම්බන්ධව ඇය විසින් සිය සැමියාට එරෙහිව පවරා තිබූ නඩුව මහර අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙරේදා (18 වැනිදා) මහර අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවූ අවස්ථාවේ එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවට පැමිණිලිකාර ‘ජින් ඇන්ටි’ අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධව සැමියා සමග සමථයකට පත් වී සිටින නිසා එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත්, මේ සම්බන්ධව එඬේරමුල්ල පොලිසියට කර තිබූ පැමිණිල්ලද ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණය හමුවේ ජින් ඇන්ටි සඳහන් කර තිබිණි.

මෙහිදී මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා කියා සිටියේ මෙම නඩුව සොරකමක් සම්බන්ධව නිසා එය සමථයකට පත් කිරීමට නොහැකි බවය.

ඉන්පසුව සැකකාර සැමියා සිදු කරන ලද එම සොරකම සම්බන්ධව වරද පිළිගත් හෙයින් මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකාර සැමියාට තරයේ අවවාද කොට ඔහු මුදා හැර එම නඩුව නිමාවට පත් කරනු ලැබුවාය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *