අරුණළු ජනතා පෙරමුණමාධ්‍ය හමුව – ජනක රත්නායක..

බොරු පොරොන්දු දෙන දේශපාලඥයන් ගැන ජනතාව දැනුවත් විය යුතුයි.

ඉදිරියේදී වෘත්තීය සමිති අක්‍රිවේයි…වෘත්තීය සමිති නායකයින් පාර්ලිමේන්තුවට යන්න හදනවා…

අරුනළු ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවේ පවසනවා..
……………………
දේශපාලන කරළිය උණුසුම් වෙලා තිබෙනවා.මම ඇරෙන්න හැම අපේක්ෂකයෙක් ම බොරු කියනවා.ජනාධිපතිවරණයේ සිට මේ වන තෙක්ම එලෙසයි.මේ හදන්නේ මහජනතාව මුලා කරන්නයි.මේචන්දෙ ඉල්ලන අයගෙන් කී දෙනෙක් ඇත්ත කියනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.

වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය ඉදිරියේදී විසුරුවා හරිනවා කියලා කියනවා.ඇත්තටම විසුරුවන්න දෙයක් නෑ, මොකද වෘත්තීය සමිති වල ඔක්කොම මේ පාර චන්දේ ඉල්ලනවා.
මෙහෙම ගියාම වෘත්තීය සමිති වලට කොහොමත් පැවැත්මක් නෑ.

වෘත්තීය සමිති හරහා තමනගේ ප්‍රතිරූපය වර්ධනය කරගෙන පාර්ලිමේන්තු යාම තමයි මේ වෘත්තීය සමිති වල අයගේ බලාපොරොත්තුව වෙලා තිබිලා තියෙන්නේ.

ඒ අය පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඒ අය කරන්නේ ඒ අයගේ ජීවිතය සකස් කරගැනීම පමණයි.

What's your reaction?

Related Posts

1 of 348

Leave A Reply

Your email address will not be published. Required fields are marked *