අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට අයදුම්පත් කැඳවේ__

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන අනුව තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ (www.parliament.lk) “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම” යන කෙටි සබැඳිය යටතේ පළ කර ඇති ආකෘතියට අනුකූලව සුදුසුකම් ලත් පුද්ගලයින් අදාළ අයදුම්පත් සකස් කළ යුතුය.

නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2024 ඔක්තෝම්බර් 28 හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත යොමු කරන ලද ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් constitutionalcouncil@parliament.lk වෙත එවිය යුතුය.

මේ සඳහා වන පුවත්පත් දැන්වීම මේ මස 13 සහ 14 යන දෙදින තුළ ජාතික පුවත්පත්වල පළ කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *