අවසන් පූර්ව වටය අත ළඟ තියාගෙන ඇෆ්ගන් නායකයාට දඬුවමක්

මෙවර 20-20 ලෝක කුසලානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට තේරී පත් වුණා.

ඒ බංග්ලාදේශය පරාජයට පත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතරම අෆ්ගනිස්ථානු ක්‍රීඩක රෂීඩ් ඛාන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවවාද කර තිබෙනවා.

ඒ බංග්ලාදේශය සමග තරගයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩ කිරීම සම්බන්ධයෙනුයි.

කෙසේ නමුත් රෂීඩ් විසින් ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.9 වගන්තිය උල්ලංඝණය කර ඇති බවට චෝදනා කර තිබෙනවා.

අදාළ චෝදනාව රෂීඩ් විසින් පිළිගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

පිටියේ විනිසුරුවන් වන Nitin Menon සහ Langton Rusere, තුන්වන විනිසුරු Adrian Holdstock සහ සිව්වන විනිසුරු Ahsan Raza විසින් මෙම චෝදනාව එල්ල කර තිබෙනවා.

මේ සඳහා දඬුවම වශයෙන් ක්‍රීඩකයෙකුගේ තරඟ ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් සහ දඬුවම් ලකුණු එකක් හෝ දෙකක් එකතු කරනු ලබන බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *