“අවිධිමත් ගොඩකිරීම් හේතුවෙන් යට වෙන කැළණිය”

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පහත්බිම් රැසක් ගංවතුරට යටවෙමින් පවතිනවා. කැලණි ගගේ ජල මට්ටම පිටාර ගැලීමත් සමග පහත් බිම්වල ජලය බැස නොයෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවකට පත් වී තිබෙනවා.

මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ජලය බැස නොයෑමට හේතුව වී ඇත්තේ වැල්ලම්පිටිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලදී අවිධිමත් ලෙස පස් ගොඩ කිරීමයි. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම මාර්ගය සංවර්ධන කටයුතු සදහා පෞද්ගලික ආයතනයකට පවරා ඇති අතර ඔවුන් විසින් වැඩ කටයුතු අවසන් නොකිරීම නිසා මෙලෙස පහත් බිම් යට වීමටත්, ගංවතුර ගලා නොබැසීමේ තර්ජනයටත් ලක් ව තිබෙනවා.

මෙගොඩ කොලොන්නාව ජනතාව පවසන්නේ කිසිදු ආකාරයකින් ජලය නොබසින බවත් ඉන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වී ඇති බවයි. ප්‍රදේශයේ ජලය බැස යෑමට ඇති ඇළ මාර්ග නිසියාකාරව සුද්ධ පවිත්‍ර කිරීමට අදාල පෞද්ගලික ආයතනය කටයුතු නොකිරීම සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් තොර වීම මීට හේතුවයි.

මේ සම්බන්ධයෙන් කොලොන්නාව නගර සභාවේ ලේකම් නෙළුම් කුමාරි මහත්මිය දැනුවත් කළ අතර එතුමියගේ නිරීක්ෂණයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු කෙරුණා. අනතුරුව ජලය බැස යෑම සදහා අවශ්‍ය ඇල මාර්ග සුද්ධ පවිත්‍ර කිරීම් කටයුතු ආරම්භ කෙරුණා.

වගකිවයුතු රාජ්‍ය ආයතන විසින් තම වගකීම් පැහැර හැරීම හේතුවෙන් අපහසුතාවයට පත්වන මහජනතාව තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයක්.

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *