අවිවාහකව වසර 15ක් එකට සිටි පුද්ගලයා නිවස ගිනිතබා දරු පවුල මහමගට දමයි

හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වතුයායට අයත් කුයිල්වත්තේ තම දරුවන් තිදෙනා සමග වසර 1 ½ පමණ කාලයක් පදිංචිව සිටි නිවස දරුවන් තිදෙනාගේ පියා විසින් ගිනි තබා විනාශ කර ඇති බවට දරුවන්ගේ මව විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

දරු තිදෙනාගේ මව ප්‍රකාශ කළේ තම සැමියා සමග ඇති වු ආරවුලක් නිසා නිවසින් බැහැරව වි එම වතුයායේම හිතවතෙකුගේ නිවසක රැදි සිටියදි පෙරේදා (03) අලුයම නිවස ගිනි තබා විනාශ කර ඇති බවයි.

තමන් නිතියානුකුලව විවාහ වි නොමැති බවත්, තමන්ව විවාහ කර ගන්නා බවට පොරොන්දු වි අවු 15 ක් තිස්සේ තමන් සමග අනියම් ලෙස සිටි බවත්, ඔහුට දාව දියණියන් දෙදෙනෙකු සහ එක් පුතෙකු සිටින බවත් ඇය සඳහන් කර තිබෙනවා.

වැඩිමහල් දියණියට අවු 14 ක් වන අතර, දෙවන පුතාට අවු 10 ක් සහ බාල දියණියට අවු 08 වන බවත්, දරුවන් තිදෙනාම හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනයවන වටවල දමිල මහා විද්‍යාලයේ 08 , 05 සහ 03 යන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

තමන් පදිංචිව සිටි නිවසේ තමන්ගේ සහ දරුවන් තිදෙනාගේ ඇදුම් පැළදුම්, පාසල් පෙළපොත්, නිල ඇදුම්, පාසල් උපකරණ සහ නිවසේ ගෘහ භාණ්ඩ ඇතුළු සියළුම භාණ්ඩ ගිනිගෙන විනාශ වී ඇති බවත්, තමන්ට දැනට ඉතිරිව ඇත්තේ ඇදිවත පමණක් බවත් පිඩාවට පත් දරුවන් තිදෙනාගේ මව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *