අවුරුදු 09ක දැරියක් සමග අඹුසැමියන් ලෙස ජීවත් වූ අවුරුදු 34ක විවාහකයා රිමාන්ඩ්

යාපනයේ නෙල්ලිඅඩි තුන්නාලෙයි ප්‍රදේශයේ අවුරුදු 34 ක විවාහක පුද්ගලයෙකු වයස 9 ක දැරියක් පැහැර ගෙන ගොස් ඇය සමග අඹු සැමියන් ලෙස ජීවත් වෙමින් සිටියදී නෙල්ලිඅඩි පොලිසිය විසින් ඔහුව ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක්වරම දැරිය අතුරුදන් වී ඇති අතර ඇයව සොයා ගැනීමට නොහැකි වූ තැන දැරියගේ දෙමව්පියන් ඒ පිළිබදව නෙල්ලිඅඩි පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති අතර අදාළ සැකකරු දැරිය සමග සිටින ස්ථානයක් පිළිබදව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පසුව එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් ගොස් සැකකරු හා දැරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය අධිකරණයට ඔවුන් දෙදෙනා ඉදිරිපත් කිරීමෙන් පසුව දැරිය වෛද්‍ය පරීක්ෂණයයකට යොමු කර ඒ පිළිබදව වාර්තාවක් අගෝස්තු මස 7 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම දිනය දක්වා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසද නෙල්ලිඅඩි පොලීසියට නියෝග කර තිබෙනවා.

බල වයස්කාර දැරිය පරිවාස භාරයට පත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *