අවුරුදු 13ක ළමුන් දෙදෙනෙක් ලක්ෂ 02ක් උස්සලා

වටවල ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරාගත් පාසල් සිසුන් දෙදෙනෙක් අද (01) වටවල පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ අවුරුදු 13ක පිරිමි ළමුන් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

මෙම සිදුන් දෙදෙනා පසුගිය 28 වනදා ඔවුන් පදිංචි නිවාස ආසන්නයේ පිහිටි තවත් නිවසක දොරගුළු විවෘත කර නිවස තුළට ඇතුල් වී මෙම සොරකම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස සොරාගත් මුදල්වලින් ජංගම දුරකථනයක්, පරවියන් අටදෙනෙක්, විසිතුරු මසුන් ඇති කරන විදුරු ටැංකි දෙකක්,
ක්‍රිකට් පිත්තක් සහ බෝල ටින් එකක් මිලදී ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් වටවල පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලින් පසු සැකකාර සිසුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී සොරකම සම්බන්ධ කරුණු අනාවරණය කර තිබෙනවා.

සොරාගත් ලක්ෂ දෙකක මුදලින් රුපියල් දොළොස් දහසක මුදලක් සැකකාර පාසල් සිසුන් දෙදෙනා සන්තකයේ තිබූ බවත් පොලිසිය පැවසුවා.

මොවුන් දෙදෙනා හැටන් නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකට ගොස් දුරකථනයක් මිල දී ගැනිමට කටයුතු කිරිමේ දී එහි
අලෙවිසැලේ හිමිකරු රුපියල් 20,000ක් පමණ වරිනා ජංගම දුරකථනය රුපියල් 80,000ක මුදලකට අලෙවි කර ඇති බවට අනවරණට වී තිබෙනවා.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලෙවිසැලේ හිමිකරු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩා ළමුන් දෙදෙනෙකුට පෙතරම් මුදලක් ලැබුණේ කෙසේදැයි යන්න නොවිමසා භාණ්ඩ අලෙවි කිරීමේ චෝදනාව මතයි.

සැකකාර පාසල් සිසුන් දෙදෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වටවල පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *