අවුල් ජාලයක් වූ රජයේ නීතීඥයන් බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණය

නිතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතීඥයන් (State Counsel) බදවා ගැනිමට පැවති සම්මුඛ පරික්ෂයෙන් තොරා ගත් නිතිඥයන්ගේ නම් කපා දමා විවිධ හිතවතුන්ගේ නම් ඇතුලත් කර පත්වීම් ලබාදීමට කල උත්සහායකට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කෙරී ඇත.

නිතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතිඥයන් 23 දෙනෙකු බදවා ගැනිමට පසුගිය වසරේ දෙසැම්බර් 29 දින දින සිට මේ වසරේ ජනවාරී 22 දින දක්වා කාලය තුල අයදුම්පත් කැදවු අතර ඒ සදහා අයදුම්පත් 800 ක් ලැබී තිබුනි. එම අයදුම්පත් අතුරින් මූලික සුදුසුකම් සපුරාතිබූ අපේක්ෂකයන් 600 ක් සිටි අතර සුදුසුකම් නොතිබූ අපේක්ෂකයන් 200 කගේ අයදුම්පත් ප්‍රතිශේප කෙරුනි.
අනතුරුව මූලික සුදුසුකම් සහිත අපේක්ෂකයන් 600 දෙනාම දිනකට 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් වනසේ සම්මුඛ පරීක්ෂණ සදහා කැදවා පරීක්ෂණයට භාජනය කර තිබුනි. එම සම්මුඛ පරීක්ෂණයන්ගෙන් අනතුරුව අවසන් සම්මුඛ පරීක්ෂණය සදහා අපේක්ෂකයන් 46 දෙනෙකු තෝරා ගෙන තිබූ අතර ඉන් අනතුරුව පුරප්පාඩු සංඛ්‍යාව 38 ක් දක්වා වැඩි කර අවසන් සම්මුඛ පරීක්ෂණය සදහා තෝරාගත් අයදුම්කරුවන් ගණන 76 දක්වා ඉහල නංවා ඇත.

කෙසේ වෙතත් මෙසේ නිසි ක්‍රියාදාමය තුල සුදුස්සන් තෝරාගැනීම සිදුවෙත්දී ඉහල තැනකින් විවිධ සම්බන්ධතා සහිත අයවලුන්ගේ හිතවතුන් මේ සදහා පත් කිරීමට කටයුතු කෙරෙන බව හෙළිදරව්වන තත්වයක දී මෙම තනතුර සදහා ඉල්ලුම් කල සියළු සුදුසුකම් සහිතව සිටියදීත් නොතේරුන අපේක්ෂකයන් විසින් මෙම පත්වීම් ලබාදීම සාධාරණ යුක්ති මූලධර්මයන්ට පටහැනි බවත් එමනිසා මෙම පත්වීම් ලබාදීම තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පසුගියදා (26) අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

නීතීපතිවරයා, රාජ්‍ය සේවා කොමිශන් සභාවේ සභාපති, හිටපු නීතිපති සහ සොලිසිටර් ජනරාල් ඇතුළු 53 දෙනෙකු වග උත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනුකර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *