අසාත් සාලෙ මාධ්‍ය හමුව

අරුගම්බේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් ලංකාව තුළ සිටින ඊශ්‍රයෙල් සංචාරකයින් සංචාරක වීසා මඟින් ශ්‍රී ලංකාවට පැමිණ වීසා කල් ඉකුත් වීමෙන් පසු ද ලංකාව තුළ රැඳී සිටීම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවකට අභියෝගයක් වනවා…..

ඔවුන් සංචාරක වීසා මගින් පැමිණ රට තුළ ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා…. වීසා කල්ලිකුත් වීමෙන් පසු රට තුළ රැඳී සිටින ඊශ්‍රේල් ජාතිකයින් වහාම රටින් පිටුවහල් කළ යුතුයි රජය නිසි වැඩපිළිවෙලක් ආරම්භ කර මේකට නිසි ලෙස ක්‍රියාමාර්ගයක් ගත යුතුයි….

මම මීට පෙර පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මම ඊට පෙර මාසයකට කලින් සහරන් සම්බන්ධයෙන් අනාවරණය කරා රජයෙන් කිසිම දෙයක් කළේ නෑ ඒකයි ඒ වගේ මිලේච්ඡකේජ ඛේදවාචකයක් රටට සිදුවුණේ රට ආයිත් ලේ විලක් කරන්න බැහැ….

රජය වහාම සියලු පක්ෂ කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි…. නීතිය කාට වුණත් සමානව ක්‍රියාත්මක විය යුතුයි. ඒ මුස්ලිම් හෝ අනෙකුත් ජාති කවුරු වුණත් ඒ ක්‍රියාත්මක වෙන්න ඕනේ…බෝම්බ සිද්ධියක් දාලා සංචාරක කර්මාන්තය කඩා වට්ටලා රජයේ අපහසුතාවයට ලක් කරන්න මෙවැනි ක් ක්‍රියා කරනවද යන අපිට සැකයකුත් තිබෙනවා

දේශපාලන තත්ත්වය පිළිබඳව එතුමා අදහස් පළ කළා

අප පක්‍ෂයට ගෑස්ටැංකියේ ගෑස් නෑ කියනවා. ඒක ගෑස් නැතුව තිබ්බේ ගෝඨාභය කාලයේ. රනිල් වික්‍රමසිංහ මහතා ආවට පස්සේ ගෑස්ටැංකියේ ගෑස් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තේ සජිත් ප්‍රේමදාස ඇතුළු වර්තමාන ජනාධිපතිවරුන් රට බාර නොගත් අවස්ථාවකදී.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *