ආගමන විගමන පාලක ඩයනාට නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රය යළි කැඳවයි

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයා වෙත භාරදී තිබෙනවා.

මීට දින දෙකකට පෙර ඇය තමන් වෙත එය භාරදුන් බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය කියා සිටියේ.

පසුගියදා ඩයනා ගමගේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

එමෙන්ම ඇයට විදේශ ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා.

ශ්‍රී ලාංකීය පුරවැසියෙකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කිරීමත් සමග ඩයනා ගමගේ ට මෙරට විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කළ නොහැකි බැවින් ඇයට නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රය යළි ලබාදෙන ලෙස ලිපියක් යොමුකළ බවයි ආගමන විගමන පාලකවරයා කියා සිටියේ.

එමෙන්ම විදේශ ගමන් බලපත්‍ර, හැදුනුම්පත් ඇතුලු ඩයනා ගමගේට නිකුත් කර තිබූ අනෙකුත් පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගියදා නීතිපති උපදෙස් ලබාගැනීමටද කටයුතු කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *