‘ආණ්ඩුකරුට කියන්න‘ දෙවෙනිදා සිට ‘ විසිහතර පැයේම‘ ක්‍රියාත්මකයි!

ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, ජනතාවට ලබා දෙන සේවා මට්ටම වැඩිදියුණු කිරීමේ සහ මහජනයාට සමීප රාජ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් ක්ෂණික ප්‍රතිචාර සඳහා බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරකම් පුළුල් කිරීමට සහ වේගවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා උපදෙස් දී ඇත. ඒ අනුව දෙසැම්බර් 02 දින සිට ක්ෂණික ප්‍රතිචාර විශේෂ මැදිරිය බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය හරහා ‘ආණ්ඩුකරුට කියන්න’ (TELL THE GOVERNOR HOTLINE) ලෙස එය ප්‍රවර්ධනය වනු ඇත.

බස්නාහිර පළාත් සභාව හා ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්ට අදාළ මහජන දුක්ගැනවිලි, ප්‍රතිපත්තිමය කරුණු පිලිබද වූ අදහස් හා යෝජනා එමගින් ආවරණය කරනු ලබයි. එමෙන්ම යම්කිසි අක්‍රමිකතාවයක් ගැන තොරතුරු ලබාදීමත්,ඒ පිළිබඳව ආණ්ඩුකාරවරයා දැනුවත් කර, අවශ්‍යතාවය මත ආණ්ඩුකාර කාර්‍යාලය හරහා නිසි පියවර සදහා අදාළ අංශ වෙත යොමුකිරීමද මේ හරහා කඩිනමින් සිදුවේ. ඒ අනුව ආපදා අවස්ථාවන්හි මෙන්ම ඉහත සදහන් කල කරුණු වලට අදාළව වසරේ දින 365 පුරාවටම ඔනෑම අවස්ථාවකදී පැය 24 පුරා ක්‍රියාත්මක වන ‘ආණ්ඩුකරුට කියන්න( TELL THE GOVERNOR HOTLINE )අංක හරහා දින 365ම පැය 24ම සම්බන්ධ විය හැක.

Contact Details
Tel. 011-2092720 / 011-2092721
Fax.011-2092705
Email – operationroomwpe@gmail.com

TELL THE GOVERNOR HOTLINE ලෙස නම් කර ඇති මෙම වැඩසටහන මගින්, බස්නාහිර පළාත් සභාව හා ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්ට අදාළ සේවා මට්ටම්, මහජන දුක්ගැනවිලි (අදාළ ආයතනික ක්‍රමවේදය තුලින් දැනුවත් කල පසුව ද සහනයක් නොලැබුනා යැයි සැලකෙන අවස්ථාවන්හිදී), ප්‍රතිපත්තිමය කරුණු පිලිබද වූ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගැනීම, යම්කිසි අක්‍රමිකතාවයක් ගැන තොරතුරු ලබාදීම, යනාදිය සම්බන්ධව ද ගරු ආණ්ඩුකාරවරයා දැනුවත් කර, අවශ්‍යතාවය මත ආණ්ඩුකාරවර කාර්‍යාලය හරහා නිසි පියවර සදහා අදාළ අංශ වෙත යොමුකිරීම සිදුවනු ඇත.
මේ ගැන අදහස් දැක් වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ගරු හනීෆ් යූසුෆ් මහතා: “පළාතේ සියළු රාජ්‍ය ආයතන සහ සේවාවන් පුරවැසියනිට සමීපව, කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමටත්, යම්කිසි අංශයක් තවත් වැඩිදියුණු කල යුතු නම් ආණ්ඩුකාරවරයා හැටියට ඒ සදහා අවශ්‍ය මැදිහත්වීම කිරීමටත් මෙතුලින් හැකි වනවා .” යැයි පැවසුවේය.
ජනතාවට අවශ්‍ය ඕනෑම වේලාවක ඇමතිය හැකි, විශ්වාසනීය හා වෘත්තීය ලෙසින් සපයනු ලබන මෙම සේවාව, ඉදිරි වසරේදී තවත් පුළුල් කර ත්‍රෛභාශාවෙන් මෙන්ම, වට්සැප් මගින් සහ අන්තර්ජාලය මගින් ද සම්බන්ධවීමේ අවස්ථාව සැලසීමට යෝජිතය. මෙම වැඩසටහන සම්බන්ධීකරණය සදහා ආණ්ඩුකාර මහජන සබදතා නිලධාරී අරුණ ප්‍රදීප් කුමාර මහතා පත්කර ඇත.

What's your reaction?

Related Posts

1 of 122

Leave A Reply

Your email address will not be published. Required fields are marked *