“ආණ්ඩුවයි විපක්ෂයේ සමහර පක්ෂයි ජනතා කේන්ද්‍රීය වැඩසටහන්වලට අපහාස කරනවා”

ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන ඇතැම් පක්ෂවල දේශපාලනඥයන් එකට එක්වී සක්වළ සහ හුස්ම වැනි ජනතා කේන්ද්‍රීය වැඩසටහන්වලට අපහාස කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ කුරුණෑගල පැවැති සක්වළ වැඩසටහනකට එක්වෙමින්.

සක්වළ වැඩසටහනේ 249 වැනි අදියර යටතේ කුරුණෑගල වලස්වැව ගුණපාල මලලසේකරට ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *