ආණ්ඩුව යන ආර්ථික දිශානතිය හරි. හරි දේට හරි කියන්න ඕනෑකුහක වෙන්න හොඳ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

නාවල කාර්යාලයේදී
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ගේ මාධ්‍ය හමුව

හරි දේ කලාම හොදයි කියන්න අපි කුහක වෙන්න ඕන නෑ.ක්‍රියාත්මක වෙමින් තිබිච්ච ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ඉදිරියට ගෙන යන්න ආණ්ඩුව තීරණය කරලා තිබෙනවා .ඒක හරි.අපි කිව්වෙත් මේක වෙනස් කල යුතු නැති බවයි.නමුත් චන්දයට කලින් මේ අය කිව්වේ මේක වෙනස් කරනවා කියලයි.නමුත් දැන් චන්දයට පසුව යථාර්ථය තේරුම් අරන් තිබෙනවා.නමුත් ඒ අය කී දේ ජනතාව විශ්වාස කලා.

බැදුම්කර හිමියන් මේ යෝජනා වලට එකග වෙන්න ඕන.බහුතරයක් දැන් එකග වෙලා තිබෙනවා.රටක් ලෙස මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හොදයි.මේක කරගත්තොත් ණය පැහැර හැරීමේ රටක් කියන එකෙන් එලියට එන්න පුලුවන්.
නමුත් අපිට ණය ගන්න පහසු නැහැ.නමුත් ලබන වසර වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න පුලුවන්.

මෙතන කතා කෙරෙන්නේ හෙයාර් කට් එකක් .නමුත් ඒක නාමික වෙන්න පුලුවන්.
නමුත් ණය පොලියේ කපා හැරීමකුත් වෙනවා.

නමුත් IMF එක කියන විදියට අනුව සහ අනෙක් කාරනා ණය කපා හැරීම බලාපොරොත්තු වෙන්න වෙන්නේ 14% ක වගේ ප්‍රමාණයක්.රුපියල ශක්තිමත් වීම හරහා පමණක් මේ ගැටලු විසදෙන්නේ නැ.

ඊලග අවුරුදු 3 ආර්ථිකයේ ඇත්ත ක්‍රියාත්මක වීම අනුව තමයි මේ වෙනවද බලන්න පුලුවන්.

ණය කලමණාකරණ පනත ගෙනාවා.
ඒ පනත ක්‍රියාත්මක කරන්න හදන්නේ.
එදා කවුරු මේකට විරුද්ධ උනත් මම නම් මේකට සහය දුන්නා.
අපි හැමදාම බැලුවේ රට ගැන.

බංකොලොත් කියන්නේ රට ණය පැහැර හරින්නනගේ බකට් එකට දාපු එකයි.අපේ ණය තිරසාර නැහැ.ඒ නිසා ජාත්‍යන්තර මාකට් එකෙන් අපිට ණය ගන්න තවම බෑ.

අපි ණය නොගෙව්වට අපි ADB ණය ගෙව්වා.ඒකයි එයාලා ණය දෙන්නේ.

Bond Exchange එකෙන් පස්සේ තමයි මේකෙන් එලියට යන්නේ.
ඒක 2026 හෝ 2027 මුල වෙනකොට තමයි ලබා ගන්න පුලුවන් වෙන්නේ.

ආපු ආර්ථික ක්‍රමය මෙයාලා වෙනස් කරලා නෑ නේ .වෙනස් කරනවා කිව්වට වෙනස් කරලා නෑ.

Creadit Rating එක කියන්නේ හරියට Warning එකක් වගෙයි.දැන් නම් අපිට කවුරුත් වානිජ ණය දෙන්නේ නෑ.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවාද ? රජයේ ආදායම වැඩි කරගන්නේ කෙසේද මේ සියල්ල මේවට බලපානවා.

මේ ආණ්ඩුව ණය ගන්නවා කියනවා.නමුත් ගොඩක් අය මේ ගැන කතා කරන්නේ අවබෝධයක් නැතුවයි.ගොඩක් අය මේවා කියන්නේ මඩ ගහන්න.ණයක් ගන්නේ දවසින් දෙකෙන් ගෙවන්න නෙවෙයි.
ණය ගැනීම තීරණය වෙන්නේ අපේ ප්‍රාථමික අය වැය අනුවයි.මේ රටේ ප්‍රාථමික බැලන්ස් එකේ අතිරික්තයක් පසුගිය කාලය පුරාවට බොහෝ අවස්ථා වල තිබුනේම නෑ.
දැන් රජයේ ආදායම සොයා ගන්න බදු ක්‍රමවේද මොනවද කියන එක බලන්න ඕන.

උපයන විට බද්ධ ලක්ෂ 2 ට වැඩි කරනවාද නැද්ද යන්නත් ජනතාව බලාගෙන ඉන්නවා.

ණය ගන්න වෙනවා, ණය නොගෙන වැඩ කරන ක්‍රම කතා කලාට ඒක යථාර්ථයක් නෙවෙයි.

ඇත්ත කතා කරනවා නම් ගොඩක් දේ කියවුනේ සත්‍ය නොවන දේවල්.

හොරකම් වෙලා ඇති ඒවා හොයන්න ඕන.stolen money හොයන්න ඕන .නමුත් සමාජ මාධ්‍යයේ කියපු තරම් හොරකම් වෙලා නැහැ.

ගිය ආණ්ඩුවෙත් ඇමතිකම් ගත්තේ නැති උනාට අපි රට වෙනුවෙන් අපේ දායකත්වය දුන්නා.ජනතාවත් ඒක දැකලා තිබුනා.චන්දයෙන් ඒක පැහැදිලි උනා.
විපක්ෂයේ සිට රට වෙනුවෙන් කරන්න වැඩ කරනවා.පාර්ලිමේන්තුව තුල මට ලැබෙන වගකීමට අනුව රට වෙනුවෙන් වැඩ කරන්න සූදානම්.

වාහන ආනයනය කරන්නම වෙනවා, ඒ නිසා රේගුවට බදු ආදායම ලැබෙන්නේ නෑ.ඒක නොකර මේ බජට් එක ඉදිරිපත් කරන්න බෑ.
බලාපොරොත්තු උනාට වඩා ඩොලර් සංචිත දැන් තිබෙනවා .ඒ වගේම උද්ධමනය බිංදුව කිට්ටුවට ඇවිත්.කවුරු කරත් හරි දේ හරි කියන්න ඕන.

What's your reaction?

Related Posts

1 of 446

Leave A Reply

Your email address will not be published. Required fields are marked *