මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් ආනන්ද විජේපාල මහතා වැඩ භාර ගැනීම අද පස්වරුවේ බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.
අමාත්‍යාංශ ලේකම් රවී සෙනවිරත්න මහතා සහ වැඩ බලන පොලිස්පතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා .
ඉදිරියේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පොලිසිය ඇතුළු සේවාවන් ඉටුකරන ආකාරය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද ලබා දී තිබෙනවා.