ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව

ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ආපදා තත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

දිස්ත්‍රික්ක 24 බලපාපු ආපදා තත්වය අඩුවෙලා තියනවා. මේවනවිට සහන සේවා ක්‍රියාත්මක කරනවා. ආපදාවන්ට ලක්වූ පිරිස සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා

ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) උදෑසන වනවිට ත්‍රිකුණාමලය කී.මී. 240 ක් සහ කන්කන්තුරය සිට කිලෝමීටර් 290 ක් පමණ නැගෙනහිර පමණ පිහිටා තිබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.
මේ හේතුවෙන් උතුරු, උතුරු-මැද පළාත් වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ගාල්ල මාතර සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරමක තද වැසි ඇතිවිය හැකි බව නිවේනය කර තිබෙනවා.
සුළං තත්ත්වය සළකාබලන විට උතු රු, උතුරු-මැද වයඹ, නැගෙනහිර, මධ්‍යම, සහ දකුනු පළාත්වල පැයට කිලෝමීටර් 60 පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මේ පිළිබදව මහජනතාව සැලකිලිමත් විය යුතු වෙනවා
පසුගිය දින කීපයේ දී පැවති ආපදා තත්ත්වයන් සළකා බැලීමේ දී දිස්ත්‍රික්ක 24 ක පවුල් 132,110කට අයත් පුද්ගලයින් 441,590 ක් පීඩාවට පත් වී තිබෙනවා. නිවාස 102 ක් පුර්ණ හානි සිදු වී තිබෙනවා. අර්ධ හානියට පත් වූ නිවාස 2096. සුරක්ෂිත මධ්‍යස්ථාන 347 පවුල් 12,348 කට අයත් පුද්ගලයින් 38,616 ක් සුරක්ෂිත මධ්‍යස්ථාන වල රැඳී ඉන්නවා. ඥාති නිවාසවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 45,329 ක් වන අතර පුද්ගලයින් 115,319 ක්.
අද දිනය වන විට (29) මියගිය සංඛ්‍යාව 13 ක් වන අතර තුවාල සිදුවීම් 20 ක් වාර්තා වෙනවා. අතුරු දහන් වු සිදු වීම් 01 ක්.
පවතින ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව මුදවාගැනීම් සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු සෙවීම් මුදවාගැනීම් කටයුතු සිදු කරනවා. ඒ අනුව
නිළධාරීන් යොමු කර තිබෙනවා.
කාලගුණ අනාවැකි අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරියේ දී ක්‍රමයෙන් පවව යා හැකි බව නිරීක්ෂණය වෙනවා. නමුත් ආපදා අවදානම පිළිබඳව මහජනතාවගේ විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා.
මාර්ග අවහිරවීම් සළකාබලන විට
වැලිමඩ උඩුපුස්සැල්ලාව පස්සර මඩොල්සිම මාර්ගය නායායාම්, පස්කදු කඩාවැටීම් නිසා වාහන ගමන් කළ නොහැකියි. ළොන්නරුව මඩකලපුව මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ස්ථානය ජලයෙන් යටවීම තිබෙනවා. මන්නාරම බෝගොඩ මාර්ගය ගල්නෑව හදුන්ගම හිරිපිටියගම මාර්වල ඇතැම්ස්ථාන ගමනාගමනයට බාධා ඇති වී තිබෙනවා. එසේම මඩකලපුව සිට පුදුර් මාර්ගය කලවන්චිකුඩි සිට පොරතිව් මාර්ගය කල්මුනේ සිට මන්නූර් මාර්ගය ගමනාගමනයට බාධා වී තිබෙනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් මහජනතාවට යම් ගැටලුවක් පවතී නම් හදිසි ඇමතුම් අංක 117 යන දුරකථන අංකයට ඒ බව දන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
එසේම ඉදිරි දින කීපය තුල ද ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව තාක්ෂණික ආයතන විිසින් නිකුත් කරනු ලබන නිවේදන පිළිබදව වැඩි අවධානයක් යොමු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ආපදා අවදානමක් පවතින ප්‍ර දේශවල ජීවත් වන ජනතාව ඒ පිළිබදව සැලකිළිමත් වන ලෙසත් එසේම ජලයේ සෙල්ල්ම් කිරීම, පිහිනීම, ඔරු පාරු පැදීම වැනි අනතුරු දායක කටයුතු වලින් වැළකී සිටින ලෙසත් දරුවන් මේ සම්බන්ධව දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනව.

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *