ආබාධිත රණවිරුවන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන සංකීර්ණයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් පිරිසක් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්

ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතියක පළමු අදියර ලෙස යතුරු පැදි 50ක් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට එක් වූ ආබාධිත රණවිරුවන්ගේ තොරතුරු විමසමින් ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතා බහක ද නිරත වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *