ආමේනියානු ගුවන් මගී කාන්තාවකගෙන් ඇමැති විජිතටත් ආණ්ඩුවටත් පැසසුම්

GP502 ගුවන්යානයෙන් පසුගිය ඔක්තෝම්බර් මස 20 වනදා ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණි ආමේනියානු ජාතික Grigoryan Marin නම් තරුණ කාන්තාවගේ ගමන් මල්ල අස්ථානගත වු අතර එය ඇය වෙත ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණඩුවට මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත්ට ස්තුතිය පළ කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ Grigoryan Marin ඇයගේ බෑගය ගුවන් තොටුපලේදී අතුරුදහන් පසු පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාරට කළ දැනුම් දීමකට අනුව එම බෑගය රැගෙන ගිය බදුල්ල ප්‍රදේශයේ කාන්තාවක් හඳුනාගෙන ඇති බව ගුවන් තොටුපල ආරක්‍ෂක දර්ශනවලින් අනාවරණය වු බවයි.

ඒ අනුව බෑගය සොරාගත් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, මීගමුව අධිකරණය ඇයට රු 600,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසත් නියෝග කර තිබෙනවා.

මේ තරම් කාර්යක්ෂමව මේ සොරා ගැනීම පිලිබඳව ක්‍රියාත්මක වී තමාට බෑගය ඉක්මනින් ලබා දීමට කටයුතු කිරීම ගැන ගුවන් තොටුපල සංචාරක පොලිසියට හා කාර්ය මණ්ඩලයට මේ විදේශීය කාන්තාව විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් ස්තූති කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *