ආයුර්වේදමය ප්‍රශ්නය

දේශීය ඖෂධ සකස් කිරීම සඳහා අවශ්‍ය වන ඉඟුරුවල මිල ඉතා අධික බැවින්, මෙරට කෘෂිකර්මාන්තයට හානි නොවන අයුරින් ඉඟුරු ආනයනය කිරීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙරට තුළ වගා කරන ලද කටුවැල් බටු ආයුර්වේද සංස්ථාව විසින් මිලදී නොගත් කනගාටුදායක අවස්ථාවන්ද පසුගිය කාලයේදී පැවැති බවත්, මේ නිසා බොහෝ දෙනකු දේශීය ඖෂධ වගාකිරීම අත්හැර දැමූ බවද ඇමැතිවරයා කීවේය.

ඉඟුරු ආදී ආර්ථික වශයෙන් ඵලදායී භෝග වගා නොකිරීම නිසා ඒවායෙහි මිල ගණන් ඉහළ ගොස් ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ශාක වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරගෙන යන බවත් ඔහු කීවේය. මේ වන විට දේශීය ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පවා පිහිටුවා තිබෙන බවද ඔහු පැවසුවේය.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *