ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුව

අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා

සමාජ මාධ්‍යයේ සහ පුවත්පතක පළවූ විහාරස්ථානවලට යොදවා ඇති හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට සඳහන් ප්‍රවෘත්තිය අසත්‍යයි.මෙය වැරදි මාධ්‍ය වාර්තාකරණයක්.

අදහස් දැක්වූ යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් රසික කුමාර මහතා…..
විහාරස්ථානවල හමුදා සාමාජිකයන් ඉවත් කිරීමේ මාධ්‍ය වාර්තාව වැරදියි.විහාරස්ථානවලට ආරක්ෂාව සැපයීම සහ ඉදිකිරීම් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියට යටත්වයි හමුදා සාමජිකයන් යොදවා තිබෙන්නේ.
ඊට අමතරව ආගමික උත්සව සඳහාද අවශ්‍යතාවය මත ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් ප්‍රමාණය පිළිබඳව,පලාලි මාර්ගය විවෘත කිරීම පිළිබඳවද ඒ මහතා අදහස් දක්වනවා.

අරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය අධ්‍යක්ෂක නලින් හේරත් මහතා අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට යුද හමුදා සාමාජිකයන්ද ආරක්ෂාවට යොදවා ඇති බවට තහවුරු කරනවා.
වැරදි තොරතුරු වාර්තා නොකරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් ද සිදු කරනවා.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් දුමිල් පතිරණ මහතා ද අදහස් දක්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *