“ආර්ථිකය දියුණු කරගන්න වියට්නාමයට මම උපදෙස් දුන්නා”

තමන් කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මාව හමුවූ බවත් එහිදී එරටේ ආර්ථිකය දියුණු කිරීමට තමාගෙන් උපදෙස් ලබාගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (20) පස්වරුවේ බොරලැස්ගමුව හෝටලයක පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනය අමතමින්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අප මේ රටේ කිසිදිනක අපනයන කර්මාන්තයක් ඇති කළේ නැහැ. අපට අවස්ථා තිබු නමුත් අප ඒ සියලු අවස්ථා අතහැරියා.

මම 1979 චීනයට යන විට චීනය අපට වඩා දුප්පත් රටක්. දැන් චීනය අපට මුදල් දෙනවා.

1991 මම කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මාව හමු වුණා.

ඔබ ආයෝජන ලබා ගත්තේ කොහොමද, විදේශ විනිමය ලබා ගත්තේ කොහොමද, වෙළෙඳ කලාප ඇති කළේ කොහොමද කියා ඔහු මගෙන් ප්‍රශ්න කර උපදෙස් ලබා ගත්තා. ඔහු මම දුන් උපදෙස් සටහන් කරගත්තා.

නමුත් දැන් මම වියට්නාමයට ගියොත් මට ඔහු කියන දේ සටහන් කර ගැනීමට සිදු වෙනවා.අප අපට තිබු සියලු අවස්ථා අතහැරියා. අප මෙය නිවැරදි කර ගනිමින් නව ආර්ථිකයක් කරා ගමන් නොකළහොත් නැවත රටක් ලෙස අගාධයට ඇද වැටෙනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *