ආර්ථික කමිටු විවාදයට ජාතික ජන බලවේගයේ දිනය දෙන්න

සමගි ජන බලවේගය යෝජනා කළ දින අතුරින් ආර්ථික කමිටු ව්වාදයට ජාතික ජන බලවේගය ලබා දෙන දිනය නොපමාව දැනුම් දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින් ද ජයතිස්ස වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කරනවා.

සමගි ජන බලවේගය ආර්ථික කමිටු ව්වාදයකට ඇරයුම කරද්දී ජාතික ජන බලවේගය විසින් නායකත්ව විවාදයකට ‍යෝජනාවක් කිරීම සිය පාර්ශවය විසින් බාරගෙන තිබෙන බවද පවසනවා.

විටින් විට විවිධ යෝජනා ඉදිරිපත් කොට සිය මූලික යෝජනාවට පැහැදිලි කිරීමක් නොකරන්නේ ඇයිදැයි ඔහු වැඩ්දුරටත් ප්‍රශ්න කරනවා.

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව ‍අතර යෝජිත විවාද දෙක අතුරින් පළමුව ආර්ථික විවාදයත් දෙවනුව නායකත්ව විවාදයත් පැවැත්වීමේ ස්ථාවරය එලෙසම පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසන්නේ.

මේ සඳහා දැනටමත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා තාක්ෂණික සැලසුමක් ප්‍රකාශයට පත්කොට ඇති බව නලින් බණ්ඩාර ප්‍රකාශ කරනවා.

මේ අනූව ආර්ථික කමිටු ව්වාදය ගැන කිසිදු සඳහනක් නොකිරීම තුළ විවාද දෙකම නොපැවැත්වීමට පසුබිම සකසන බවට නිරීක්ෂණය කරන බවයි නලින් බණ්ඩාර වැඩි දුරටත් පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *