ආර්ථික කවුන්සිලය නැතුව අනුර විවාදයට දින දෙයි

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට යෝජනා කර ඇති, විවාදයට දින නියම කරමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ විවාදය එළඹෙන මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක යොදා ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බවයි.

කෙසේ වෙතත් මීට පෙර සමගි ජන බලවේගය ජාතික ජන බලවේගයට අභියෝග කර සිටියේ පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදය ප්‍රථමයෙන් සිදුකළ යුතු බවටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *