ආරුගම්බේ ප්‍රහාර අවදානම ගැන වැඩිදුර විමර්ශන සිදු කරනවා- ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දෙයි

මෙරට විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටි ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින්නේ යැයි ලැබුණු තොරතුරු අනුව වැඩිදුර විමර්ශන සිදු කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව මෝසමක් ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත පොලිසිය විසින් මෙම කරුණු වාර්තා කර තිබෙනවා.

පොලිසියේ අධිකරණයට වාර්තාකර තිබෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

එම ප්‍රශ්න කිරීම්වලදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැක කටයුතු පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවත් එම දැනුම් දීමේ සඳහන් කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීම සඳහා බන්ධනාගාරගතව සිටින සැකකරුන් කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතියේ ඉදිරියේදී වාර්තා කරන ලෙසත් නියෝග කළා.

මෙම ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මස ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන සිදුකරන බවත් පොලිසියේ අධිකරණයට දැනුම් දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *